Tribute to Priyankara

සමස්ථ ලංකාව සිසාරා ජවන හා පිටිය තරග ඉසව් තුළින් තම අණසක පැතිර වු ක්‍රීඩා පෝතකයින්,එදා දකුණු ආසියාවද දික්විජය කරන්නට සමත්වුනි. පාසල් මව් තුරුලේ පහසින් තම ජවන පිටියේ ක්‍රීඩාව මැනවින් ප්‍රගුණ කල ඔහු රට රකින පවුරේ පතාක පුරුකකි.ඔහු නමින් ප්‍රියංකර සංජීව ය.

සාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ ආශීර්වාදය ලද මේ පින්බිමේ අද යළිත් රන්මල් පූදින්නට අර අදිමින් සිටියි. පසුගිය වසර කිහිපය පුරා උනන්දුව, කැපවීම හා නිරන්තර පුහුණුව තුළින් හා යුද්ධ හමුදා බල ඇනි ජවය තුලින් ක්‍රීඩා ජයග්‍රහණයන් හිමිකර දුන් ඔහු, සමස්ථ ලංකා ක්‍රීඩා බිමෙහි විවෘත කාණ්ඩයෙන් මෙවර ජාතික ජවන පිටියේ හෙල්ල විසිකිරීමේ විවෘත කාණ්ඩයෙන් සයවන ස්ථානය හිමි කර ගන්නා ලදි.

මෙම උදාර ගමන්මඟට අපගේ උණුසුම් සුභ පැතුම් මෙසේ එක්කරන්නෙමු !

Source: FB